විදුහල්පති පණිවිඩය
ඩබ්.ඩබ්.නයන මංගල මහතා
සී.ඩබ්.ඩබ් කන්නංගර ශ්‍රීමතාණන් ලංකාද්විපයෙහි නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කරමින් එහි උන්නතිය උදෙසා මාධ්‍ය මහා විද්‍යාල ආරම්භ කරවන අවධියෙහි එම සත් වෑයමට ශක්තියක් සපයනු වස් ප්‍රාදේශිය අධ්‍යාපනය නගා සිටුවීම අරමුණු කර; අති පූජ්‍ය කොස්ලන්දෙ ඤාණවිමල මහ නායක ස්වාමීන්වහන්සේ වැල්ලවාය මල්වත්තාවෙල රජ මහා විහාරස්ථානයේ බණ මඩුවෙන් ආරම්භ කළ අප විදුහල අද වන විට එම අරමුණු සපල කරවමින් වැල්ලවාය කොට්ඨාසයේ එකම ජාතික පාසල වශයෙන් වර්ශ 80ක් පුරා ප්‍රාදේශීය අධ්‍යාපනයෙහි පුරෝගාමී මෙහෙවර ඉටු කරමින් සිටියි.
තත්කාලීනව බලපවත්වනු ලබන විවිධ අභියෝග හමුවේ ගුණාත්මක අධ්‍යාපනයෙන් විශිෂ්ටත්වය කරා පිය මනින අප විදුහලේ විද්‍යාලයීය වෙබ් පිටුව ප්‍රතිස්ථාපනය කෙරෙන මෙ අවස්ථාවට සටහනක් එක් කරනුයේ මහත් සොම්නසිනි. මෙම කාර්යය අඛණ්ඩවත් ගුණාත්මකවත් ඵලදායීවත් අයුරින් ඉදිරියට කර ගෙන යාමට විද්‍යාලයීය වෙබ් සංවර්ධන සමාජයට සුබාසිංශන එක් කරමි.පාසලක් වශයෙන් ගුරුවරුන් හා ශිෂ්‍යයින් එක්ව දෙමාපියන් හා සුභපතන්නන්ගේ සහයෝගය ඇතිව සිදු කරන මේ මහත් කාර්යයන්හි ප්‍රමාණික සන්නිවේදනයක් බාහිර - අභ්‍යන්තර ප්‍රජාව වෙත සිදු කිරීමෙහි ලා මෙම ප්‍රයාමය සාර්ථක උපාය මාර්ගයක් වනු ඇතැ'යි අපේක්ෂා කරමි.
ඩබ්.ඩබ්.නයන මංගල මහතා
විදුහල්පති
මො/මල්වත්තාවෙල මධ්‍ය මහා විද්‍යාලය.







