මො/මල්වත්තාවෙල මධ්‍ය මහා විද්‍යාලය

වැල්ලවාය

මො/මල්වත්තාවෙල මධ්‍ය මහා විද්‍යාලය

නිවාසාන්තර ක්‍රීඩා උළෙලෙහි සහතික පත්‍ර හා කුසලාන ප්‍රදානය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
  • පාසල පටන්ගැනීමට විනාඩි 15 කට (පෙ.ව. 07.15 ට) පෙරවත් පාසලට පැමිණිය යුතුය. විශේෂ දිනවල ( උත්සව කටයුතු ඇති දිනවල, පිරිසිදු කිරීමට ඇති දිනවල, බුද්ධ පූජාව පැවැත්වීමට නියමිත දිනවල, පාසල මගින් උදේ පැමිණිය යුතු යයි දන්වන දිනවල,) වඩා වේලාසනින් පැමිණිය යුතුය. ශිෂ්‍යාවන් පෙ.ව.07.00 න් පසුව පාසලට පැමිණිය යුතුයි.
  • පාසලට පැමිණීමේ දී පාසලට පැමිණෙන මාර්ගයේ, පාසලේ ගේට්ටුව අසල, හෝ පාසල් බිමේ අතරමග රැදී නොසිට පන්තිකාමරයට යොමු විය යුතු ය.
  • පාසලට ඇතුළු වීමේ දී ප්‍රධාන ප්‍රවේශ ද්වාරයේ දි පාසලටත් ඉන් පසු බුදු මැදුරටත් ආදි කතෘ ප්‍රථිමාවටත් වන්දනාකළ යුතු ය.
  • පළමු සීනුව නාදවීමට පෙර පන්තිය හා තමන්ට නියමිත කොටස් පිරිසිදු කිරීම අවසන් කළ යුතු ය.
  • පළමුවන සීනුවේ දී පෙර දැනුම් දී ඇති පරිදි ප්‍රධාන රැස්වීම පවත්වන ස්ථානය, අංශ රැස්වීම් පවත්වන ස්ථාන, හෝ පන්ති කාමර, ආදී අදාළ ස්ථාන වලට යොමු විය යුතුය.
  • ආගමික වතාවත් ගෞරවාන්විතව ඉටු කළ යුතු අතර ආගමික වතාවත්  හා පාසල් ගීතය සඳහා සිටිනා ස්ථානයේ සිටම ඒ සඳහා යොමු විය යුතුය. 
  •   ප්‍රධාන රැස්වීම් හා අනෙකුත් රැස්වීම් පැවැත්වෙන දිනවල එම රැස්වීම ආරම්භ වූ පසු පැමිණෙන සිසුන් පංති කාමරවලට නොගොස් එම රැස්වීම් වලට සම්බන්ධ විය යුතුය. 
  •  ප්‍රධාන රැස්වීම, අංශ රැස්වීම, ශ්‍රේණි රැස්වීම්වලට පැමිණීමේ දී ශ්‍රේණි මට්ටමින් පැමිණිය යුතුය. ගුරු භවතුන් හා ශිෂ්‍ය නායක නායිකාවන් එම උපදෙස් ඔබ වෙත ලබා දෙනු ඇත.
  •   ගුරුවරයෙකුගේ අනුමැතියකින් තොරව පාසලේ කිසිදු ස්ථාකයත රැදී නොසිටිය යුතුය.
  • පාසලේ එක් ස්ථානයකින් තවත් ස්තානයකට සමූහ වශයෙන් යනවිට එක් පෙළකට දකුණුපසින් යා යුතුය.
  • ඔබ පාසලේ ශිෂ්‍යයෙකුව සිටින කාලය තුළදී නිළ ඇඳුමින් පමණක් පාසලට පැමිණිය යුතුය.
  • පන්තිභාර ගුරුතුමන් හෝ විෂය භාර ගුරුතුමන් නියමකර නොමැති අධ්‍යාපන කටයුතු වලට අදාළ නොවන ඉලෙක්ට්‍රොනික් උපකරණ හෝ වෙනත් කිසිදු උපකරණයක් පාසලට රැගෙන ඒමෙන් වැලකිය යුතුය.
  • පාසල අවසන් කිරීමේ සීනුව නාදකළ වහාම තා භාවිත කළ උපකරණ වෙත් නම් ඒවා නිසි පරිදි තැම්පත් කර පේලියට පන්ති කාමර වලට යායුතුය. පන්තියේ ඔබ සිටී නම් නිශ්ශබ්ද විය යුතුය.
  •  පන්ති කාමරයේ විදුලි පංකා විදුලි බුබුලු ක්‍රියාත්මක වේ නම් ඒවා ක්‍රියා විරහිත කර හුණු පුවරුව පිරිසිදු කළ යුතුය.
  • චත්ත මාණවක ගාථා හා ජාතික ගීතය ගෞරවාන්විතව ගායනා කළ යුතුය.
  • ඔබට නියමිත ගමන් මාර්ගයේ පේලියට පාසලෙන් බැහැරට යායුතුය.