පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන් (6-9)
- කොණ්ඩය කොටට කපා වම් පැත්තේ සිට දකුණු පැත්තට පීරා තිබිය යුතුය. ජෙල්, වැක්ස්, වැනි දෑ හිසේ නොගැල්විය යුතුය.
- රැවුල සම්පූර්ණයෙන් ම කපා තිබිය යුතුය.
- කමිසයේ වම්පස තනි සාක්කුව හා එහි දකුණු කෙළවර පාසල් නිල ලාංඡනය තිබිය යුතුය.
- සුදු අත්කොට කමිසය වැලමිටේ සිට අඟල් 1 1/2 ඉහළින් සිටිනසේ කමිස අත තිබිය යුතුය. කමිස අත වඩා පළල් නොවිය යුතු අතර අනවශ්‍යය පරිදි තදට නොවිය යුතුය.
- කලිසමේ ඉණ දාරය ලුප් යොදා තිබිය යුතු අතර ඉදිරියට බොත්තමක් නොයොදා හක් එකක් තිබිය යුතුය, ඉණ පහලට කලිසම ඇඳීම නොකළ යුතුය.
- කලිසමේ දණහිසේ සිට අඟලක් ඉහලින් කලිසමේ මායිම තිබිය යුතුය, සියලු කලිසම්වල ඉදිරිපස රැළි (ෆ්ලීට් ) 02 ක් පමණක් දැමූ සාමාන්‍යය කලිසමක් විය යුතුය.
- ලේස් සහිත කළු සපත්තු සුදු මේස් සමග පැළඳිය යුතුය. උල් සපත්තු නොපැළඳිය යුතුය.
- තවද - (මුදල් පසුම්බි භාවිතා කිරීම නොකළ යුතුය, කමිසය ඇතුලතින් අඳින බැණියම සුදුපාට විය යුතුය, කොලරයේ බොත්තම් නොතිබිය යුතුය, නියපොතු කොටට කපා තිබිය යුතුය, මාල, වළලු, නූල්, මුදු, වැනි දෑ නොපැළඳිය යුතුය. සුරයක් පළඳින්නේ නම් කළු නූලක් පමණක් භාවිතා කළ යුතුය)


පිරිමි ළමුන් (10-13)
- කොණ්ඩය කොටට කපා වම් පැත්තේ සිට දකුණු පැත්තට පීරා තිබිය යුතුය. ජෙල්, වැක්ස්, වැනි දෑ හිසේ නොගැල්විය යුතුය.
- රැවුල සම්පූර්ණයෙන් ම කපා තිබිය යුතුය.
- කමිසයේ වම්පස තනි සාක්කුව හා එහි දකුණු කෙළවර පාසල් නිල ලාංඡනය තිබිය යුතුය.
- කලිසමේ ඉණ දාරය ලුප් යොදා තිබිය යුතු අතර ඉදිරියට බොත්තමක් නොයොදා හක් එකක් තිබිය යුතුය.
- ලේස් සහිත කළු සපත්තු සුදු මේස් සමග පැළඳිය යුතුය. උල් සපත්තු නොපැළඳිය යුතුය.
- සුදු අත්කොට කමිසය වැලමිටේ සිට අඟල් 1 1/2 ඉහළින් සිටිනසේ කමිස අත තිබිය යුතුය. කමිස අත වඩා පළල් නොවිය යුතු අතර අනවශ්‍යය පරිදි තදට නොවිය යුතුය.
- කලිසමේ පිටුපස දකුණුපසට බොත්තම යෙදූ තනි සාක්කුවක් පමනක් තිබිය යුතුය.
- දිගු කලිසමේ යට දාරයේ (ෆෝල්ට් ) වට ප්‍රමාණය අඟල් 15 වියයුතුය.
- සියලු කලිසම්වල ඉදිරිපස රැළි (ෆ්ලීට් ) 02 ක් පමණක් දැමූ සාමාන්‍යය කලිසමක් විය යුතුය.


ගැහැණු ළමුන් (6-13)
- නළල වැසෙන සේ ඉදිරියට කොණ්ඩය නොදැමිය යුතුය.
- සාක්කු නොයෙදිය යුතුය.
- උරහිසේ සිට අඟල් 5 1/2 දිගකින් ගවුමේ අත තිබිය යුතුය, අතෙහි වාටිය අඟලක් විය යුතුය. එමෙන් ම ගවුමේ අත පමණට වඩා හිර නොවිය යුතුය.
- ගවුමේ වාටිය අඟල් 02 විය යුතුය, ගවුම ඇතුලතින් අඳින ඇඳුම් සියල්ල සුදු පැහැයෙන් පමණක්ම විය යුතුය. වර්ණවත් ඇඳුම් නොඇඳිය යුතුය.
- දුඹුරු සපත්තු ( පාසලේ අනුමත ) සුදු මේස් සමග පැලඳිය යුතුය.
- සියළුම ශිෂ්‍යාවන් කොණ්ඩය දෙකට බෙදා කණ මායිමේ සිට පහලට සිටින සේ ගොතා කෙළවර නවා යාරයක් දිග කළු රිබන් පටියකින් බැඳීම කළ යුතුය.
- කොණ්ඩය ගොතා ගැනීමට අපහසු නමුත් වවා ඇති ශිෂ්‍යාවන් කොණ්ඩය දෙකට බෙදා කළු රිබන් පටියකින් ගැටගැසිය යුතුය.
- ගවුමේ ඉණ වැලමිටේ උසට පිහිටනලෙස සකස්විය යුතුය, බඳ පටිය අඟල් 1 1/2 ක පළලක් විය යුතුය.
- තවද - (ගවුමේ බෙල්ල අසල විවරය අඟල් 5 විය යුතුය, නිල ලාංඡනය නිසිලෙසත් නොගැලවෙන ලෙසත් වම් අතේ පැළඳිය යුතුය, ගවුම ඇතුලතින් ඇඳිය හැක්කේ ගවුමක් හෝ වෙස්ට් එකක් හා සායක් පමණි. ස්කිනි භාවිතය සපුරා තහනම් වේ, විවිධ වර්ණවත් කොණ්ඩකටු භාවිතය සපුරා තහනම් වන අතර කළු පැහැති කොණ්ඩකටු 02 පමණක් අවශ්‍යතාව අනුව යොදාගත හැක, ටයි පටිය පැළඳීමේ දී පාසල් ලාංඡනය ඉණ පටිය මත පිහිටන සේ තිබිය යුතුය, ඇහි බැම සකස් කිරීම හෝ රෝම ඉවත්කිරීම නොකළ යුතුය, නියපොතු කොටට කපා තිබිය යුතුය. නිය ආලේපන ගැල්වීම සපුරා තහනම් වේ.)









