මො/මල්වත්තාවෙල මධ්‍ය මහා විද්‍යාලය

වැල්ලවාය

මො/මල්වත්තාවෙල මධ්‍ය මහා විද්‍යාලය

නිර්මාතෘවරු

නිවාසාන්තර ක්‍රීඩා උළෙලෙහි සහතික පත්‍ර හා කුසලාන ප්‍රදානය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

 

පූජ්‍ය කොස්ලන්දේ ඤාණවිමල නාහිමි

මල්වත්තාවෙල විද්‍යාලය ආරම්භ කර ඇත්තේ 1944.09.04 දින එවකට මල්වත්තාවෙල රජමහා විහාරාධිපතිව වැඩසිටි කොස්ලන්දේ ඤාණවිමල මහා නායක හිමියන්ගේ නායකත්වය හා මැදිහත්වීමෙනි. තත් කාලීන රටේ දේශපාලනික ආගමික හා අධ්‍යාපනික තොරතුරු විමසා බැලීමේ දි අපට පැහැදිලි වන කරුණක් වනුයේ එවකට රටේ ජාතික ආගමික පුනරුදයේ පුරෝගාමීන් වන අනගාරික ධර්මපාල තුමා හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා බ්‍රහ්මචාරී වලිසිංහ හරිසචන්ද්‍ර තුමා වැනි ප්‍රභූන්ගේ ක්‍රියා කලාපය මෙම පාසල ආරම්භයට ද හේතුවක් වන්නට ඇති බවයි. මල්වත්තාවෙල රජමහා විහාරස්ථානයේ නමින් මුලින් පාසල ලියාපදිංචි කර ඇත්තේ ඒ නිසා වන්නට ඇත. ආරම්භයේ සිට 1946.10.23 දක්වා කාල සීමාව තුළ කොස්ලන්දේ ඤාණවිමල මහා නායක හාමුදුරුවන් විද්‍යාලයේ විදුහල්පති ධූරය දරා ඇත.