මො/මල්වත්තාවෙල මධ්‍ය මහා විද්‍යාලය

වැල්ලවාය

මො/මල්වත්තාවෙල මධ්‍ය මහා විද්‍යාලය

නිවාසාන්තර ක්‍රීඩා උළෙලෙහි සහතික පත්‍ර හා කුසලාන ප්‍රදානය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ආර්.එම්. ප්‍රේමසිරි

සුබ පැතුම් පණිවිඩය

ඌව වෙල්ලස්සේ මොණරාගල දිස්ත්‍රික්කයේ පහළ ඌවේ අභිමානවත් ජාතික පාසලක් වන වැල්ලවාය නගර ආසන්නයේ පිහිටි මො/මල්වත්තාවෙල මධ්‍ය මහා විද්‍යාලයේ වෙබ් අඩයවියට පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම භාග්‍යයක් කොට සලකමි.

අනාධිමත් කාලයක සිට කිතු ගොස නංවමින් ශ්‍රේෂ්ඨ රජවරුන්ගේ පාද ස්පර්ශය ලත් භූමියක පිහිටි මෙම පාසල වෙල්ලස්සේ ජය කෙහෙලි නැන්වු මුතුන් මිත්තන්ගේ අඩිපාරේ යමින් එදා මෙදා තුර පාසලේ අධ්‍යාපනය ලැබු හා වර්ථමාන සිසු පරම්පරාව මෙතෙක් ආ ගමන තුළ මෙම රටට සමාජයට දායද කරන ලද සිසු පරපුරෙන් මේ වන විට දේශ දේශාන්තර තුළ සමාජ මෙහෙවරේ යෙදෙන පිරිස අති මහත් ය. මෑත කාල වකවානුව තුළ පාසලට අත් කර දුන් සමස්ථ ලංකා ජයග්‍රහණ සුළු පටු නොවේ. මෙම අභිමානවත් පාසල දේශය තුළ ඔසවා තබන්නට ඉඩහසර වෙන් කර දෙම්න් ඔවුන්ට මග පෙන්වීම් කරමින් නිසි මග යැවු විදුහල්පතකිතුමාටත්, සිනුන්ගේ විභව ශක්තීන් මතු කරදෙමින් ඔවුන්ගේ කුසලතා ඔප්නංවන්නට මහගු කැපකිරීම් කළ ඇඳුරු මඩුල්ලටත් යටිතල පහසුකම් ඔවුන්ට සපයා දෙමින් සක්‍රීයව දායක වු අනධ්‍යයන කාර්යය මණ්ඩලයටත් ස්තුති කිරීමට මෙය අවස්ථාවක් කර ගත්තෙමි.

ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අමතරව විෂය සමගාමි ක්‍රියාකාරකම් මෙන්ම අනාගත ලෝකයට ගැළපෙන තාකක්ෂණයෙන් පිරි තීරසාර සංවර්ධනයට උචිත දරු පරපුරක් බිහි කරමින් සිටින මො/ මල්වත්තාවෙල මධ්‍ය මහා විද්‍යාලය දිනෙන් දින දිදුළන අභිමානවත් පාසලක් ලෙස අනාගත ලෝකයට මන්පෙත් විවිරවන්නට යන සුභ ප්‍රාර්ථනය එත් කරමි.

 

ආර්.එම්. ප්‍රේමසිරි
නියෝජ්‍ය විදුහල්පති(අධ්‍යාපන පරිපාලන)
මො/ මල්වත්තාවෙල මධ්‍ය මහා විද්‍යාලය.